Friday, June 20, 2014

මේ සිංහල අපගෙ රටයි...!

මේ සිංහල අපගෙ රටයි
අප ඉපදෙන..... මැරෙන රටයි
අප හද පණ ගැහෙන රටයි
මුලු ලොව ඒ රටට යටයි..

මේ දවස්වල උණුසුම් මාතෘකාවක් තමයි මේ. අපි ඉස්කෝලෙ යනකොට හැමදාම උදේට නන්දා මාලිනිය මෙහෙම කීයනව. ඒත් අද තත්වය වෙනස්.  අද අපේ උගත්ය පණ්ඩිතය කියල පිලිගැනීමක් තියෙන සමහර අය කියන්නෙ මේක සිංහලයගෙ විතරක් නෙමේ, සිංහල, දෙමල, මුස්ලිම්, එකී මෙකී නොකී සහ අනාගතයේ බිහිවෙනව කියල හිතෙන ඔක්කොම ජාතීන්ට ආගමිනයින්ට අයිති රටක්ලු. ඒක නිකං කාගෙත් සුන්දරී වගේ කියලයි මට හිතෙන්නෙ.

මටත් මේ කතා බහ කොහෙන් පටන් ගන්නද කියල හිතාගන්න බෑ. මහා පඹ ගාලක අපි පැටලිලා ඉන්නව කියල තමයි හිතෙන්නෙ. මේ පටලැවිල්ල අපි අද අදම ලිහල දැම්මෙ නැත්නම් තව අවුරුදු තුන හතරකින් හෙලදිවට බඩුම තමා. ආයෙ දෙකක් නෑ.

හෙලයන් විසූ දිවයින හෙලදිව වූවා මෙන්ම, රාක්ෂ, යක්ෂ, දේව සහ නාග යන ජන කොටස් හතරක් වාසය කල නිසා සිව්හෙලය සෑදී පසුව සිංහලය හැදුනා කියලත් මතයක් තියෙවන. මේ කියන සිව් හෙල කතාව අද ඊයෙ බිහිවෙච්ච මතයක් නොවන බව අමුතුවෙන් කියන්න ඕන නෑ නෙව.
ඕනම නම් මෙන්න මේව කියවල බලන්න.

එකපාරටම පිලිගන්න අමාරු ඉතාම වැදගත් කාරනයක් මේවයින් කියන්න ඔප්පු කරන්න හදනව. ඒ වගේම මේ කාරණා බැහැර කරන්න තරම් තර්ක හොයාගන්නත් බෑ. කාලයක් තිස්සෙ ඇහෙන්න පටන් ගත්ත මේ දේවල් ඉතාම පරීක්ෂාකාරීව සංවාද මණ්ඩප වලට ගෙනල්ල, තවත් අවශ්‍ය නම් පරීක්ෂණ දත්ත ඉදිරිපත් කරල තහවුරු කිරීම හො නොකිරීම තවදුරටත් අතපසු නොකර කලයුතු දෙයක් කියලයි මට හිතෙන්නෙ.
මේ ඉදිරිපත් වෙන්නෙ අප මහා ලොව්තුරු බුදුරජානණ් වහන්සේ මෙන්ම බුද්ධ චරිතාපදානයම හෙලදිව සිද්ද වෙච්චි දෙයක් කියල.


තව සමහරු කියනව බුදුන් ඉපදුන තැනුයි, කාපු බීපු තැනුයි හොයල වැඩක් තියේද, බුදු හාමුදුරුවො දේශනා කරපු විදියට ධර්මානුකූලව ජීවත් වෙන්නෙ නැතිව කියල. සහතික ඇත්ත. බුදුන් දකින්න නම් ධර්මය අනුගමනය කරල ධර්මය දකින්න කියල දේශනා කරල තියෙනවනේ.

එතකොට තව කෙනෙකුට කියන්න පුලුවන්, බුදු රජාණන් වහන්සේ ඉපදුන, බුදුවුන, පලමු ධර්ම දේශනාව කල, පිරිනිවන් පෑ යන ස්ථාන බෞද්ධයකු විසින් වැඳ පුදාගෙන පහන් සංවේගය උපදවා ගත යුතු ස්ථාන හැටියට බුදුරජාණන් වහන්සේම දේශනා කරල තියෙනවනේ කියලත්.

කොහොම වුවත් කවදාවත් බුදුහාමුදුරුවො ධර්මය වෙනුවෙන් නැතිනම් භූමියක් වෙනුවෙන් හෝ වෙන මක්කවත් වෙනුවෙන් ඇන කොටාගෙන ගහ මරාගන්න කියල දේශනා කරල නෑ නෙව. වතුර ප්‍රශ්නයක් නිසා ශාක්‍ය වංශිකයොයි කෝලිය වංශිකයොයි අතරෙ ඇතිවෙන්න ගිය යුද්ධයත් බුදුහාමුදුරුවො මැදිහත් වෙලා විසඳුව නෙව.

එහෙමයි කියල අන්‍යාගමික අන්තවාදීන් සිංහල අපට කෙනෙහිලිකම් කරන කොට පෘතග්ජන අපි මෛත්‍රී කොර කොර ඉන්ටද කියන්නෙ.

  ඇයි අන්‍යාගමිකයො විතරද එතකොට අන්තවාදීන්. සිංහල බෞද්ධයො අතර අන්තවාදීයො නැද්ද මේ පිදුරු ගොඩට පෙට්‍රල් දාන.

මෙච්චර කාලයක් මුස්ලිම් අය අපේ රටේ කාල බීල හිටියෙ හලාල් තිබිලද. එකපාරටම හලාල් ඕනැ වුනේ මුස්ලිම් අන්තවාදීන්ට නෙමේද. හලාල් කියල අපේ ව්‍යාපාරවලින් මුදල් ගසාකෑවෙ නැද්ද. එකම රටක් එකම කොඩියක් යටතෙ හිටපු අයට කොඩියෙ සිංහයගෙ කඩුව වැරදියට පේන්න ගත්තෙ අන්තවාදී උසිගැන්වීමි නෙමේද. ලෝකෙ කොහේවත් නැතිවිදියට රටේ ජාතික ගීය භාෂා දෙකකින් ඕන වුනේ ඇයි. පිටකොටුවෙ මුස්ලිම් මහා රැලි පවත්වන කොට සිංහල අය ගියාද බාදාකරන්න. කඩාකප්පල් කරන්න. ඇයි අලුත්ගම සිංහලයින්ගෙ පාගමනට මුස්ලිම් පල්ලියේ ඉඳන් ගැහුවෙ. ඒකෙන් නේද මේ විනාසය පටන් ගත්තෙ.

 එතකොට අලුත්ගම පාගමන් ගියේ පිරිත් කිය කියද. අන්තවාදීන් කීප දෙනෙකු නිසා මුලු මුස්ලිම් සමාජයටම ගරහල කෑගගහ සටන් පාඨ කිය කිය යනකොට, පල්ලියට වෙලා මුස්ලිම් අපි භාවනා කරන්නද.

අලුත්ගමට කලුපැල්ලම ගෙනාවෙ සිංහල අයගෙ පාගමන විතරද. ඒ පාගමන් රැලියට හේතුවෙච්ච, පොසොන් පෝය දවසෙ බණට වැඩිය අපේ හාමුදුරුවන්ටයි, රියදුරුටයි ඉස්පිරිතාලෙ යන්න නෙලුවෙ බෞද්ධයොද.

බලාගෙන යනකොට ජාතිකාභිමාණී ගීත කිය කියා නන්දා මාලිනිල වගේ අය නේද මේ විසබීජය සිංහල අපේ ඔලුවලට දැම්මෙ.

එහෙම වෙන්නෙ කොහොමද එතකොට අනගාරින ධර්මපාලතුමා මේව කීවෙ අන්තවාදීයෙක් අමු ජාතිවාදියෙක් නිසාද?  



මිගෙට්ටුවත්තෙ ගුණානන්ද හිමියන් අන්‍යාගමිකයන් සමග පානදුරා වාදයක් කරල පැරැද්දුවෙ අමු අන්තවාදියෙක් නිසාද. එහෙම බලනකොට මේ ප්‍රශ්නයට මුල පුරල තියෙන්නෙ අනගාරික ධර්මපාල, මිගෙට්ටුවත්තෙ ගුණානන්ද හිමි වගේ අයද. එහෙමනම් ඇයි ඔවුන් අපි තවමත් වීරත්වයෙන් ගරු කරන්නෙ. සමරන්නෙ.

ගුණානන්ද හිමි විරුවෙක් නම්, ඥාණසාර හිමි මරුවෙක් වෙන්නෙ කොහොමද.

නැහැ වෙනසක් තියෙනව. මිගෙට්ටුවත්තෙ ගුණානන්ද හිමි දස දහසක් බෞද්ධ අබෞද්ධ අය මැද අන්‍යාගමිකයන් සමග වාද කලේ එකදු ලේ බිඳුවක් වත් නොසොල්වා බව ඉතිහාසය සාක්ෂි දරනව.


අවසාන වශයෙන් විජය කුමාරය තම්බපන්නියට එන්න කලින්, දියුණු තාක්ෂණයක් ශිෂ්ඨාචාරයක් හෙලදිව තිබුනු බවට සාක්ෂි අදටත් හමුවෙනව. නමුත් ඒ ඉතිහාසය වෙනයම් කාරණාවක් නිසා හිතාමතාම හෝ නොදැනුම්වත් කම නිසා ඉස්මතුවෙන්නට ඉඩ දෙන්නෙ නෑ කියලයි මගේ හැඟීම. අද අපි මූණදෙන ප්‍රශ්න ගොඩකට එහි පිලිතුරු තිබෙන්නට පිලිවන්. ඒ පිලිබඳව ගවේෂණය කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බව මට හිතෙනව.

අරාබියේ පන්සල් හදන්න, ප්‍රසිද්දියේ බුදුන් වඳින්න දුන්නෙ නැති වුනාට අපි මේ හෙළදිවේ ඉතිහාසයේ ඉඳලම අන්‍යාගමිකයින්ට පල්ලි හදන්න ඉඩදීල ඔවුන් සමග සහජීවනයෙන් ජීවත් වෙච්චි පිරිසක්. එහෙම නැතිනම් මේ ගින්න ඇතිවෙන්නෙ පානදුරා වාදය අවසන් වූ දවසෙමයි.

අරාබි මුස්ලිම් රටවල අවුරුදු පහලොව දහසය එකදිගට වැඩ කලත් ඉඩමක් මිලදී ගන්න තියා පුරවැසිභාවයවත් අපට ලැබෙන්නෙ නැතිවුනාට, අපේ රටේ මුස්ලිම් ජනතාවට එහෙම බාදාවක් මෙතුවක් වෙලා නෑ. ඒ අපේ සිංහල ගතිය, ඉවසීම යම් තරමකට හෝ සමානාත්මතාවයට ගරු කිරීම වැනි හැඟීම් වෙන්නැති. කොටින්ම කියනවනම්, වෙන රටවල සෑම පුරවැසියන්ටම එක නීතියක් තිබුනට අපේ රටේ, ආගම් ජාති අනුව වෙන වෙනම නීති සකස් කරල තියෙනව.

බෞද්ධ හැමෝම රහත් උදවිය නොවන බවත්. රහත් වෙනකම් හුදු පෘතග්ජන මිනිසුන් බවත්, එතෙක් ජීවත් විය යුතු බවත් පමනක් සිහිවේ.

වෛරයෙන් වෛයිරය නොසන්සිඳේ.



නැවතත් වෛරයෙන් වෛයිරය නොසන්සිඳේ.

බුදුන්ගේ අමා ධර්මේ.... නොතේරී දනා මේ
වෙලීලා බැඳී ප්‍රේමේ විනාසේ උනාමේ
(මුස්ලිම් ජාතික අල්හාජ් මොහිදීන් බෙග් මහතා)

ප.ලි./
සුළු ජාතීන් පාගා පහත් කිරීමටවත්, ජාතීන් අතර ගැටුම් ඇතිකිරීමටවත් නොව. අතීතය ඉතිහාසය නැවත ගවේෂණය කර, හුදෙක් මේ පටලැවිල්ල ලිහා ගැනීමට අලුතින් සිතන්නටත්, තර්ක කරන්නටත් මිත්‍රශීලි විවාදයකින් පිලිතුරු සොයා යෑමට ඇරඹුමක් සඳහා පමණි.

(මෙහි ඇති පින්තූර අන්තර්ජාලයෙන් ලබාගෙන කිසිදු සංස්කරණයකින් තොරව පලකර ඇත. එමෙන්ම මෙම ලිපියේ ඇති සබැඳි මගින් ද ගවේෂනාත්මක තොරතුරු සම්පාදනය කරගෙන ඇත.)

13 comments :

  1. යුද්ද නම් එපා. මම දන්න එකම තියරිය ඒච්චරයි.

    ReplyDelete
  2. ඇත්ත සංජීව යුද්ධය එපා තමයි. ඒත් එදා අනගාරික ධර්මපාලතුමාල මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිල මේවම කියන කොට යුද්ධයක් ඇතිවුනේ නෑ. ධර්ම යුද්ධයක් මිසක්. අද මේදෙවල් කතා කරන කොට යුද්ධයක් ඇතිවෙයි කියල බයයි. විශේෂයෙන් සිංහලයන්ට සහ සිංහල නායකයින්ට හිතෙන්නෙ මේව යුධදෙකට කරන ආරාධනා හැටියට. සිංහලයො ජාතිය ආගම ගැන රට ගැන කීවොත්, අන්‍යාගමිකයන් යුධදෙකට එන නිසා වෙන දෙයක් වෙද්දෙන් කියල ඔන්න ඔහේ බලා ඉමුද? ඒ කියන්නෙ සිංහල මිනිසුන්ගේ දීන කමද, ඉවසීමද, නැතිනම් සිංහල නායකයින් රහත්වෙලාද? එහෙමත් නැතිනම් අනගාරික ධර්මපාලල, මිගෙට්ටුවත්තෙ ගුණානන්දල අතීතයේ හිටපු අමු පිස්සොද? මේ පටලැවිල්ල මේ වෙලාවේ ලිහුවේ නැතිනම් යුද්ධයක් ඇතිවුනත් නැතත් සිංහල ජනතාවට මුහුදට පනින්න වෙන දවස වැඩි ඈතක නෑ. මුහුද මගේ ගොඩබිමයි නැව මගෙ නිවහන තමයි කියලවත් හිත හදාගමු. සිංහල ජාතිය එ්තරම් නිවිච්ච උගත් සාමකාමී, ශික්ෂාකාමී බව එක රොත්තට පෙන්නමු.

    ReplyDelete
  3. ආයේම යුද්ධයක් ඇති නොවේවා කියන එක අපි හැමෝගෙම ප්‍රාර්ථනාවක්..

    ReplyDelete
  4. Api ukstaleewa prarthana kara kara witharak innakota Anthawadeen wadeta bahala karanna oonade karala iwarai.

    ReplyDelete
  5. කියලා වැඩක් නෑ, නියම පොස්ටුව, මාත් මේ ගැන ලියන්න ඉන්නේ, ජයවේවා !!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ධනුෂ්ක මල්ලී. ලියන්න ලියන්න. මේ පටලැවිල්ල ඉක්මනින් ලිහා ගන්න තරමට හොඳා.

      Delete
  6. පෝස්ටුව නියමයි.... කවදාක හරි සිංහලයාගේ ඇස් ඇරෙයි.. එදාට ගොඩක් පරක්කු වැඩි වෙයි.

    ReplyDelete
    Replies
    1. ඔබටත් බොහෝම ස්තූතියි සිහින.
      //කවදාක හරි සිංහලයාගේ ඇස් ඇරෙයි//
      මෙන්න මේ දිනය එනකම් බලා ඉන්න නම් බැරිවෙයි.

      Delete
  7. සෑහෙන කාලෙකින් පෝස්ටුවක් ලියලා නෑ නේද? ලියමුද ආයෙත්.

    ReplyDelete
  8. ඉස්පාසුවක් හොයාගෙන බලමුකෝ.. ස්තූතියි දිනුක

    ReplyDelete
  9. It is so nice post,actuality,as a Sinhalese, peoples are blind from money,they haven't profoundness,it has died from them as a Sinhalese, i am shy with my peoples ,they don't have the strong back bone ,they will not think about the country,religions,they are like to be the beggar only

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත, අද සිංහල කියල කියන්න ලැජ්ජයි තමා. ඒත් නියම සිංහලයෝ නැතිවම නෙවේ. මජර දේශපානඥයෝ අපේ රට විනාස කළා. අපිව බේද භින්න කලා.

      බොහෝම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට. අනික්වත් බලල ඔබේ අදහස් දකවන්න.

      Delete

(ගෙනාපු මයියොක්කා සහ පොල් කමෙන්ටු කොටුවේ දමන්න.)