Friday, April 18, 2014

මහා වාලිම්ඹය නොහොත් Friar’s Hood

මහා වාලිම්ඹය (නොහොත් Friar’s Hood) පිළිබදව ඹබ දන්නවාද?   මාගේ මීලඟ ලිපිය මේ ගැන තොරතුරු ටිකක් ඉදිරිපත් කිරීමටයි.




             දැනට අවුරුදු තිහ හතලිහකට උඩදී  ලංකාවේ මිනින්දෝරු වරයෙක් කියන්නෙ ඉතින් නඩුකාර උන්නාන්සේ කෙනෙකු වගේ තමයි. එහෙම ලේසියෙන් කෙනෙකුට මිනින්දෝරු විභාගෙ පාස් කරන්නත් බැරිලු. ඒ වගේම හරිම ආස්වාද ජනක හා විනෝද ජනක රැකියාවක් තමයි. (ඒකට ඉතින් ආසාව තියෙන්නත් ඕනෑ.) ඒ කාලෙ ඉතින් ගෝල බාල පිරිසයි, තුවක්කු කරුයි එක්ක මිනිස් පුලුටක්වත් පය ගහපු නැති මහ වනාන්තර මැද්දෙ මැනුම් කටයුතු සහ සංතලන කටයුතු (Leveling) කරන එක තමයි ප්‍රධාන භාරදූර්‍ය රාජකාරිය වෙලා තිබිල තියෙන්නෙ. ඒකනේ වැදි ජනතාව මිනින්දෝරු වරුන්ට කැලෑ පොජ්ජ පටහරින හූරා කියල කියන්නෙ. මහ වනාන්තර මැද ඒ අය ලබපු විඳපු අත්දැකීම් අද නම් අපට මුදල් ගෙවා වත් ලබන්නට බැරි බව ඔයාල හැමෝම දන්නව නොවැ.



            ඉතින් ඹය මහා වාලිම්ඹය කියන්නේ එවගේ අතිදුෂ්කර ගමනක් ගෙවල යායුතු  බොහොම ලස්සන කදුගැටයක්. මෙම කදුගැටයේ තිබෙන එක් ප්‍රධාන වැදගත් දෙයක් තමයි, ලංකාවේ ප්‍රධාන ත්‍රිකෝණමිතික ස්තානයක් හෙවත් Trig Point එකක් මේ මත පිහිටුවා තිබීම. මේ Trig Point කියන්නෙ ලංකාව සිතියම් ගත කිරීමේ දී පිහිටුවනු ලැබූ ප්‍රධාන සලකුණක්. මංතුමාගේ පිය උතුමා මේ Trig Point එක ලබා ගන්න ගිය සැටි පසු ලිපියකින් බලාපොරොත්තු වන්නකෝ. 

7 comments :

  1. ලියමු...ලියමු රසට.......
    අපි එන්නං කියවන්න.....

    ReplyDelete
    Replies
    1. තෙලිදිය රස බැලූ ඔබට බොහෝමත්ම ස්තූතියි.....
      අදහස් උදහස් ලැබුනොත් තවත් ටිකක් පංකාදුයි.....

      Delete
  2. ඔන්න මාත් රස බැළුවා...
    ඔබ මිනින්දෝරුවෙක්ද?

    ජය වේවා!!!
    (ඔන්න රෝලට දාගත්තා)

    ReplyDelete
    Replies
    1. මිනින්දෝරුව‍ෙකු නොවුනත් මා අගනේ
      පියතුම මගේ එහෙම කෙනෙකු පුරානේ
      තෙලිදිය රස බැලුවද මෙහි හොඳානේ
      ඔබටත් බොහොම තුති සී.ජේ. විදානේ

      Delete
  3. ලියමුකො එහෙනම් දිගටම..... :)

    ReplyDelete
  4. ඔන්න ආරාධනාව පිළිඅරගෙන මේ පැත්තේ ආවා. දැන් මේ ලිපි එකින් එක කියවන්නයි යන්නේ. සටහන කියවලා එක සැරේටම මට මතක් වුනේ බ්‍රොහියර් මහත්මයයි ඔහුගේ පොතයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට තෙලිදිය රස බලන්න වාඩියට ගෙඩ වුනාට. "බ්‍රොහියර් මහත්මය" හෝ පොත ගැන ලින්ක් එකක් තිබේ නම් මටත් දෙන්න.

      Delete

(ගෙනාපු මයියොක්කා සහ පොල් කමෙන්ටු කොටුවේ දමන්න.)